ඔයාගෙ සුරතලා මැක්කන්ගෙන් සහ කිනිතුල්ලන්ගෙන් බේරන කරපටියක්

March 20, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

සුරතලෙක් විඳියට සුනඛයෙක් හෝ ඇතැම් විට පූසෙකු ඇති කරන ගොඩදෙනෙක්ට ඇතිවන ප්‍රධන ගැටළුවක් තමයි, සුරතලාගෙ ශරීරයේ මැක්කන් සහ කිනිතුල්ලන් බෝවීම කියන්නෙ. ඒ විදියට මැක්කන් බෝ වුනාම සුරතලා විඳින වේදනාව වගේම, ඒ වේදනාව දකින ඔයා විඳින දුකත් සුළුපටු එකක් නෙවෙයි. ඒ නිසාම ඔයා හැකි ඉක්මනින් තමන්ගෙ සුරතලාට තියෙන හොඳම ප්‍රථිකාරය කරන්නට ඇති. ඒත් අද අපි කතාකරන්න යන්නෙ ඊට ගොඩක් වෙනස් දෙයක් ගැන. හිතන්න මැක්කන් සහ කිනිතුල්ලන් බෝ වෙන්නට කලින්, ඒ බෝවිම වලක්වන්නට පුළුවන්නම්? අපි කතාකරන්නෙ අන්න එහෙම දෙයක් ගැන.

මිනිසෙකුට උනත්, සතෙකුට උනත් ලෙඩක් හැදෙන්නට කලින් වලක්වාගැනීම තමයි වඩාත්ම වටින දේ වෙන්නෙ. ඕනෙම ලෙඩක් හැදෙන්න කලින් ඒක වලක්වා ගන්න මොනයම්ම හරි ක්‍රමයක් තියෙනව නම්, ඒ ක්‍රමය අනුගමනය කරන එක අනිවාරෙන්ම මඟනොහැර කරන්න පුළුවන් නම් වටිනවා. ඉතින් ඔයාගෙ බව් සුරතලාගෙ හෝ ඇතැම් විට පූ සුරතලාගේ ශරීරයේ මැක්කන් සහ කිනිතුල්ලන් ඇතිවීම වලක්වන්න ඔයාට කරන්න පුළුවන් හොඳම විකල්පයක් තමයි flea and tick collar එහෙමත් නැත්නම් මැකි කරපටියක් පාවිච්චි කරන එක.

මොකක්ද මේ flea collar / මැකි කරපටියක් කියන්නෙ?

Flea collar එකක් හෙවත් මැකි කරපටියක් කියන්නෙ, සරලවම ඔයාගෙ බලු සුරතලාව හෝ පූ සුරතලාව මැක්කන්ගෙන් සහ කිනිතුල්ලන්ගෙන් ඈත් කර තබන්නට හෝ ඔවුන්ගේ ශරීරයේ වසන මැක්කන් මරා දැමීම සඳහා භාවිතා කෙරෙන විශේෂ කරපටි විශේෂයකටයි. හැබැයි මෙම කරපටිද සාමාන්‍යයෙන් සුරතල් සතුන් සඳහා යොදන කරපටි මෙන් සරලව යෙදීමට හැකිවීම ඉතා පහසුවක්.

මැක්කන් සඳහා භාවිතා කරන flea collars වර්ග දෙකක් හදුනාගන්න පුළුවන්. ඉන් පලවෙනි වර්ගයේදි වෙන්නෙ, මැක්කන් සුරතලාගේ ශරීරයට කිට්ටු වීම වලක්වමින් විකර්ශනය කිරීමයි. අනෙක් වර්ගයෙන් සිදුවන්නේ මැක්කා සුරතලාට දශ්ට කිරීමෙන් පසුව මරනයට පත්වීමයි. ඊටත් අමතරව මේ කාර්‍යන් දෙකම සිදුකරන මැකි කරපටිද වෙලඳපොලේ දැකගන්නට පුළුවන්.

Flea collar එකක් ක්‍රියාත්මක වන්නේ කොහොමද?

ඉහතින් සඳහන් කල flea collar එහෙමත් නැත්නම් මැකි කරපටි, වර්ග දෙක ක්‍රියාත්මක වන්නේ එකිනෙකට වෙනස් ආකාර දෙකකටයි.

  1. සුරතලාගේ ශරීරයට ආසන්න වීමට පෙර මැක්කන් සහ කිනිතුල්ලන් පලවාහරින flea collar වර්ගයේදී භාවිතා වන්නේ කෘමි විකර්ෂන අමුද්‍රව්‍යක්. එම අමුද්‍ර්ව්‍ය සත්වයගේ ශරීරය වටා විශේෂ ගන්ධයක් නිකුත් කරනවා. ඒ මඟිනුයි මැක්කන් සුරතලාගේ ශරීරයට කිට්ටු වීම වැලකීම සිදු කරන්නේ.
  2. සුරතලාගේ ශරීරයට මැක්කන් දෂ්ට කළ පසු ඔවුන්ව මරාදමන ආකාරයේ කරපටි ක්‍රියාත්මක වන්නේ සුරතලාගේ සමේ ඇති මේද තට්ටුව සමඟ මිශ්‍රවී ක්‍රියාකරන අමුද්‍රව්‍යකින්. ඒ අමුද්‍රද්‍ය සුරතලාගේ සමට හානියක් කරන්නේ නැති අතතරම, මැක්කන්ව පහසුවෙන් මරණයට පත්කිරීම සිදු කරනවා.

මීට අමතරව අදාල ක්‍රම දෙකම ක්‍රියාත්මක වන කරපටි වලදී මේ යාන්ත්‍රන දෙකම එකට එක් කොට නිශ්පාදනය කරල තියෙනවා. මෙවැනි කරපටියක් මිලට ගැනීමේදී තමන්ට අවශ්‍ය මොන ආකාරයේ එකක්ද යන්න තීරණය කරගැනීමට මේ වර්ග 3 ගැන මේ අවභෝදය තිබීම ඉතාමත් වටින කාරණයක් වේවි. සාමාන්‍යනෙ කරපටි මාස 8ක කාලයක් සක්‍රියව ක්‍රියාත්මව වෙන්න පුළුවන් ආකාරයටයි නිශ්පාදනය කෙරෙන්නේ. ඉතින්, ඔයා කරපටියක් මිලට ගැනීමේදී ඔයාගෙ සුරතලාගෙ පශුවෛද්‍යවරයාගෙන්ද හොඳම විකල්පයක් තෝරාගැනීම සම්භන්ධව විමසීමක් කරන එක වැදගත් වේවි.

Flea collar භාවිතා කරන්නෙ කොහොමද?

මැකි කරපටි දිනපතාම ඔයාගෙ සුරතලාට පළඳලා තියන්න අවශ්‍ය කරන දෙයක් නෙවෙයි. අපි කලින් සඳහන් කලානෙ මේ මැකි කරපෛටි නිශ්පාදනය කෙරෙන්නෙ මාස 8ක ආයුකාලයක් වෙනුවෙන් කියලා. එම ආයුකාලය වලංගු වෙන්නෙ භාවිතා කරන දින 30ක් සඳහායි. සරලවම, මාස 8ක් ඇතුළඳ දින 30ක් මේ කරපටියක් භාවිතා කරන්න පුළුවන්.

එතකොට මොන අවස්ථාවන් වලදිද හරියටම මේක පාවිච්චි කරන්න ඕනෙ? මැකි කරපටියක් ඔයාගෙ සුරතලාට පළදවන්න ඕනෙ වැදගත්ම අවස්ථාවක් තමයි, එයා සාමාන්‍යනෙන් මැක්කන්, කෘමීන් ගැවසෙන එළිමහන් පරිසරයකට අරගෙන යන අවස්තාවට. ඒ වගේම, එයාගෙ ඇඟේ මැක්කන් බෝ වෙන්න පටන් අරගෙන කියල ඔයාට හිතෙන ඕනම අවස්ථාවක මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරන අවස්ථාවක, කිසිම වෙලාවක එක දිගට දින කිහිපයක් මේක පළඳවල තියන්න අනවශ්‍යයි. උපරිම දවසක් එහෙමත් නැතිනම් එලියෙ ගැවසෙන වෙලාවට විතරක් පාවිච්චි කලාම ප්‍රමාණවත්.

කරපටිය භාවිතා නොකරන හැම වෙලාවකම ඒක, සුළං නොවදින බහාලුමක දාලයි තියන්න ඕනෙ. ඒකට සාමාන්‍ය පොලිතීන් බෑගයක් උනත් හොඳටම ප්‍රමාණවත්. අවශ්‍ය වෙන්නෙ සුළං නොවැදී තියෙන්න ඕනෙ කියන කාරනාව විතරයි. ඒකට හේතුව වෙන්නෙ මේක නිතර වාතයට නිරාවරනය උනොත් කරපටියෙ තියෙන කෘමි විකර්ශණ අමුද්‍රව්‍ය නිකරුනේ නාස්ති වෙන එක වලක්වන්න ඕනෙ නිසයි.

Flea collars සඳහා පොදුවේ භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද? ඒවා සුරතලාට හිතකරද?

මැකි කරපටි සඳහා විවිධ අමුද්‍ර්‍යව ගණනාවක්, එක් එක් කරපටි නිශ්පාදකයන් භාවිතා කරනවා. නමුත් සාමාන්‍යයෙන් පොදුවේ භාවිතා කරන අමුද්‍රව්‍ය වර්ග පහත ආකාරයට ලැයිස්තුගත කළ හැකියි.

  • Deltamethrin (delta-METH-rin) - මෙය වඩාත් ආරක්ෂිත කෘමිනාශක වලින් එකක් ලෙස වර්ගීකරණය කර ඇත. එය කෘතිම Pyrethroid, එනම් එය වසර සියයකට වඩා පෙර chrysanthemum මල් සාරය තුළ සොයා ගන්නා ලද Pyrethrin නම් ස්වභාවිකව ඇති වන පළිබෝධනාශකය කෘතීමව නිර්මාණය කල ආකාරයයි.
  • Amitraz (AH-mih-traz) - මෙයද කෘමිනාශක සඳහා බහුලව භාවිතා වන අමුද්‍රවයක්. මෙය පරපෝෂිතයන් විනාශකිරීම සඳහා විශේෂිත වනවා. කෙසේවෙතත්, මේ අමුද්‍රව්‍ය ක්‍රියාත්මක වන ආකාරය විද්‍යාඥයින්ට තවමත් අභිරහසක් කියලයි කියවෙන්නෙ.
  • Pyriproxyfen (pie-rih-PROX-uh-fen) - මෙම රසායනය මඟින් සිදු කෙරෙන්නේ මැක්කන්ගේ බිත්තර සහ කීටයන් විනාශ කර දැමීමයි. එය ක්‍රියාත්මක වන්නේ බිත්තර පරිණත වීම වැලක්වීමට සහ කීට අවස්ථාවට පැමිණ සිටින මැක්කන් මුළුමනින්ම ඉවත් කිරීමයි.
  • Tetrachlorvinphos (TCVP) - මෙම අමුද්‍රව්‍ය ගැන ඇත්තේ නම් තරමක මතබේධාත්මක තත්වයක්. මෙය හොඳ කෘමිනාශකයක් උවත්, එය සතුන්ට සහ මිනිසුන්ට යන දෙපාර්ශවයට අහිතකර බව සමහර පර්‍යේෂන පෙන්නුම් කරල තියෙනවා. ඒ නිසා මෙම අමුද්‍ර්ව්‍ය නොමැති නිශ්පාදනයක් මිලට ගැනීම වඩාත් හොඳ තේරිම් කියල නිර්ශේශ කරන්න පුළුවන්.

මැකි කරපටි භාවිතයේ අවාසි මොනවද?

මැක්කන්ගෙන් සහ කිනිතුල්ලන්ගෙන් ඔබේ සුරතලා ආරක්ෂා කරගන්න තියෙන හොඳම විසඳුමක් හැටියට මේ කරපටි හඳුවන්න පුළුවන් උනත්, ඒ සම්භන්ධව ඇති මේ ගැටලු ගැනත් ඔබ විමසිලිමත් වීම වටිනවා.

ඔයාගෙ සුරතලා කිනිතුල්ලන්ගේ අවධානමෙන් වගේම මැක්කන්ගේ අවධානමෙන් සමානව පීඩා විඳිනව නම් මේ මැකි කරපටි 100%ක්ම සාර්ථක උපායක් වන එකක් නෑ. මොකද, කරපටිය සුරතලාගේ මුහුණට ආසන්නයේ පැළඳීමෙන් සාමාන්‍යයෙන් කිනිතුල්ලන් ඇතිවන ස්ථාන හොඳින් ආවරණය වුනත්, මැක්කන්ට සුරතලාගේ ශරීරයේ පසුපස ප්‍රදේශය පහසුවෙන් ග්‍රහණයට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා කිනිතුල්ලන්ගේ අවධානමට වඩා මැක්කන්ගේ අවධානම වැඩි සෑම අවස්තාවකම ඒ සඳහා වන ප්‍රතිකාර වලට යොමුකිරීමයි වඩාත්ම වැදගත් පියවර වෙන්නෙ.

ඒ වගේම, ඔබේ සුරතලා නිතරම කුඩා දරුවන් සහ වෙනත් සුරතල් සතුන් එක්ක ගැවසෙන අවස්තා වලත් මේ කරපටිය භාවිත කිරීම අවධානම් වෙන්නට පුළුවන්. මොකද කුඩාදරුවන්ගේ ශරීරයේ මේ රසායන ද්රව්ය තැවරීම ඔවුන්ට ආසාද්මිකතාවයන් වගේම දීර්ඝකාලීන සංකූලතා පවා ඇති කරන්නට පුළුවන්. ඒවගේම වෙනත් සුරතලුන්ටද එය එසේම බලපාන්නට පුළුවන්. ඒ නිසා ඔබේ සුරතලා හුදකලාවේ සිටින අවස්තාවන් වල මේ කරපටි භාවිතයයි වඩාත්ම සුදුසු වෙන්නෙ.

බලු සුරතලුන් සඳහා ටික් කරපටි කොතරම් ඵලදායීද?

Bio Med Central (BMC) ආයතනය විසින් සිදුකර ඇති අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ මැකි කරපටියක ක්‍රියාකාරී අමුද්‍රව්‍ය, සාමාන්‍යයෙන් imidacloprid සහ flumethrin, සුනඛයන් තුළ කිනිතුල්ලන් පාලනය කිරීමට (එනම්, මරා දැමීම හෝ පලවා හැරීම) ඉතා ඵලදායී බවයි. මෙම ඖෂධීය කරපටි මගින් මැක්කන් හා කිනිතුල්ලන් බෝවීම සහ කිනිතුල්ලන් මගින් බෝවන රෝග සම්ප්‍රේෂණය වීමද වළක්වනවා.

පශු වෛද්‍ය ප්‍රජාව විසින් කරපටි හදුවනු ලබන්නේ රෝග වාහක මැක්කන් සහ කිනිතුල්ලන් වේගයෙන් මරා දැමීම සඳහා භාවිතා කළ හැකි හොඳම මෙවලමක් ලෙසයි. කිනිතුල්ලන්ගෙන් බෝවන සුනඛ එර්ලිචියෝසිස් වැනි බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ඖෂධ වැනි වෙනත් ප්‍රතිකාරවලට වඩා කරපටි වඩාත් සුදුසු බව සමහර වෘත්තිකයන් විසින් සිදුකල පර්‍යේෂණ මඟින් සොයාගෙන ඇත.

ඔබටත් දැන් PetTopia.lk වෙතින් ඔබගේ සුරතලාගේ කිනිතුල්ලන් ප්‍රශ්නයට Flea collar එකක් මිලට ගන්න පුළුවන්. Credit/debit card වලින් වගේම cash on delivery සේවාව ඔස්සේ නිවසටම ගෙන්න ගන්නත් පුළුවන්.

ඉතින් මේ ලිපියෙන් ඔබ මැක්කන් සහ කිනිතුල්ලන් වැලැක්වීමට, මරා දැමීමට භාවිතා කරන මැකි කරපටි ගැන නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඇතියි කියල අපි විශ්වාස කරනවා. ඔයාගෙ සුරතලාව හැමදාමත් ආදරෙන් බලාගන්න අවශ්‍ය වෙන මේවගේ දැනුම හැමදාමත් එකතු කරගන්න හැමදාමත් අපිත් එක්ක ඉන්න කියල ඔබට ආරාධනා කරනවා.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 3 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
samadara

ඔව් මේක ඇත්තටම හොද product එකක්. මාත් මගේ පැටව් දෙන්නට use කලා. ප්‍රතිපල හොදයි.

crossmenu