ඔයාගේ පූස් පැටියා අසනීපෙන්ද කියල දැනගන්න ඉ​ඟි 17ක්

September 16, 2023
ලිපි සැක​සු​ම
Primary Item (H2)

අපිට ලෙඩක් දුකක් හැදුනොත් කතා කරල කියන්න, අපිට දැනෙන අපහසුව ප්රකාශ කරන්න පුලුවන්කම අපිට තියෙනවා. හැබැයි සත්තුන්ට එහෙම නැ.  කතාකරල කියන්න තරම් එයාල පරිණත නැහැ. ඉතින් සුරතල් සතෙක් හදන හැම කෙනෙක්ම දැනගන්න ඕනි විශේෂ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. කෑම බීම දෙන විදිහ, නාවන විදිහ, ඇති දැඩි කරන පිළිවෙලේ ඉදන් අසනීපයක් උනහම දෙන බෙහෙත් ටික වෙනකම්ම සුරතල් සතෙක් බලාගන්න විදිහ තරමක් වගකීමක් සහිත දෙයක්. හරියට පුංචි ළමයෙක් බලාගන්නව හා සමානයි. ඉතින් අද අපි කතාකරන්න යන්නේ ඔයා හුරතලේට ඇතිකරන පූසා ලෙඩින්ද කියල දැනගන්න පුලුවන් ඉඟි කිහිපයක් ගැනයි.

01. ආහාර ගැනීම ප්රතික්ෂේප කිරීම

ඔයා ඇති කරන පූස් පැටියා ආහාර ගන්න එක ප්‍රතික්ෂේප කරනවා නම්, දවසක් දෙකකට වඩා දිගින් දිගිටම ආහාර ගැනීම කරන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම ඔයා පශු වෛද්‍යවරයක් හමු වෙන්න ඕනි. බළලුන් ආහාර නොගෙන ඉන්න විටදී ඔවුන්ගේ ඇඟේ තියෙන මේද සංචිත වැය වෙනවා. ඉන්පසුව හෙපටයික් ලිපිඩෝසිස් (Hepatic lipidosis) කියන භයානක රෝගි තත්වය ඇති වෙන්න පුලුවන්.

02. කොර ගසමින් ඇවිද යාම

පිටතින් තුවාලයක් පෙනෙනන්ට නැතිව සාමාන්‍යයෙන් බළලෙක් කොර ගහනවා කියන්නේ අභ්‍යන්තරයේ සුළු තුවාලයක්, අස්ථි බිඳීමක් හෝ ආතරයිටිස් තත්වයක් ඔයාගේ සුරතලාට ඇතිවෙලා කියන එක. ඒ නිසා වහාම පශු වෛද්‍යවරයෙක් හමුවට සුරතලාව අරන් යන්න.

03. වෙනදට වඩා වැඩියෙන් ජලය පානය කිරීම

දියවැඩියාව සහ තයිරොයිඩ් ගැටළු වැනි අන්තරාසර්ග ආබාධ (Endocrine Disorders), බළලුන්ගේ පිපාසය වැඩි කිරීමට හේතු වෙනවා. ඔයාගේ පූස් පැටියා පමණට වඩා ජලය පානය කරනවනම් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. රෝගය හඳුනා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් කරන්න ඕනි.

04. නිතර නිතර මුත්‍රා පිට කිරීම

බළලුන් නිතර නිතර සුලු ප්‍රමාණයකින් මූත්‍ර පිට කිරීම සහ මූත්‍ර සමග රුධිරය පිටවීම භයානක රෝග ලක්ෂණයක් විදිහට දක්වන්න පුලුවන්. මූත්‍ර ගල් වගේ රෝගී තත්වයක් ඇති උනොත් පූසන් ඉතා වේදනාකාරි අත්දැකීම් වලට මුහුණ දෙනවා. පිරිමි සතුන් සම්බන්ධයෙන් මේ තත්වය විශේෂයි.

05. මූත්ර සහ මලපහ බැහැර කිරීමේදි පුරුදු කරපු ස්ථානවලට බැහැර නොකීරීම

සාමාන්‍යයෙන් බළලුන් ඇති කරන අය කුඩා කාලයේ ඉදන්ම ඔවුන්ට වෙනම ස්ථානයට මල ද්‍රව්‍ය බැහැර කරන ආකාරය පුරුදු කරල තියෙන්නේ. ඒ cat litter හෝ වැලි දමපු පෙට්ටියක් වගේ දේකට. හැබැයි ඔයාගේ හුරතලා ඒ තැනට මලද්‍රව්‍ය බැහැර නොකර තැන තැන දානව නම් ටිකක් ඔයා සැලකිලිමත් වෙන්න ඕනි.

06. පාචනය ඇති වීම

බලළක්ට නිතරම දියරමය ආකාරයට මලපහ පිටවෙනවනම් ඒකෙන් අදහස් වෙන්නේ මේ සතා පාචනයෙන් පෙලෙන බවයි. ආමාශ ආන්ත්රයික ආසාදන, ආහාර වලට පෙන්වන අධික සංවේදීතාව, ආතතිය සහ සාංකාව පාචනය ඇති වීමට ප්‍රධාන හේතු සාධක වෙනවා. බළලෙක් විජලනයට පත්වීම ඉතාම අහිතකරයි. ඒ නිසා මේ වැනි අවස්ථාවකදී කල යුතු වැදගත්ම දේ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමයි.

07. නිතරම වමනය කිරීම

දවස් කිහිපයක් එක දිගට බළලුන් කෑම ගත් වහාම වමනය කරනවා කියල කියන්නේ ඔවුන්, යමිකිසි ආසාදනයකින්, අක්මා රෝගයකින් හෝ, බඩවැල් අවහිරතා සහිත පිළිකාවකින් පෙළෙන බවයි.

08. නාසික හෝ අක්ෂි විසර්ජන සහිත වීම

ඔයාගේ බළල් පැටවා කිවිසුම් යාම හෝ කැස්ස වැනි වෙනත් රෝග ලක්ෂණ සහ ඇස් වලින් ශ්‍රාව පිටවීමක් පෙන්නුම් කරනවා නම් වහාම පශු වෛද්‍යවරයාව මුණ ගැසිය යුතුයි. කල් පවතින ශ්වසන ආසාදන සහ අක්ෂි ආසාදන බළලුන්ව මරණය කරා වුවද රැගෙන යන්න පුලුවන්.

09. ශක්ති හීන වී අලස වීම

ඔයාගේ සාමාන්‍ය ක්‍රියාශීලී, සෙල්ලක්කාර බළලා හදිසියේම උදාසීන සහ උනන්දුවක් නොදක්වන බවක් පේන්න තියෙනවා නම් ඒ ඔහුට අසනීපයක් බවට කරන පෙරනිමිත්තක්.

10. අපිරිසිදුව සිටීම

ස්වාභාවයෙන්ම බළලුන් යනුවෙන් හැදින්වෙන්නේ පිරිසිදුව සිටින්න උත්සහ කරන ජීවී විශේෂයක්. තමන්ගේම කෙල වලින් ඔවුන් ඔවුන්වම පිරිසිදු කරගන්නවා. හැබැයි හදිසියේම මේ පුරුදු අතහැර සිටිනවා නම් ඔවුන් යම්කිසි චර්ම ආසාදනයකින් හෝ ආතරයිටිස් රෝගයෙන් පෙලෙන බවටයි අනතුරු අඟවන්නේ.

11. අධික ලෙස ලොම් හැලීම

වෙනදට වඩා ඔයාගේ පූසගේ ලොම් හැලෙනවා නම්, ඒකේ තේරුම වෙන්නේ ඔහු යම්කිසි සමේ රෝගයකින් පෙලෙන බවක්. මේ වගේ අවස්ථාවලදී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය වෙනවා.

12. දුගඳ හමන හුස්ම පිට කිරීම

ඔයාගේ සුරතලාගේ කටින් අධික දුර්ගන්ධයක් එනවා නම් වහාම පශු දන්ත වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි. නිරන්තරයෙන් දත් මැද්දවීමෙන් මේ තත්වය අවම කරගන්න පුලුවන්.

13. බර අඩුවීම

ඔයාගේ සුරතලාගේ බර අසාමාන්ය විදිහට අඩු වෙනවා නම්, ආමාශයේ parasites ආසාධනයක් හෝ දියවැඩියාවේ රෝග ලක්ෂණයක් විය හැකියි.

14. සැඟවී සිටීමට උත්සාහ ගැනීම

වෙනදට ඔයත් එක්ක සෙල්ලම් කරමින් හිටපු ඔයාගේ සුරතලා බියෙන් හෝ කනස්සල්ලෙන් සිටිනවා නම්, ඔවුන් සැඟවීමට නැඹුරු වෙනවා, අසාමාන්‍ය ලෙස සැඟවී සිටීමට උත්සහ කරනවා නම් එහි තේරුම ඔහු අසනීපයකින් පෙලෙන බවයි..! නොපමාව වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය වෙනවා.

15. ආක්රමණශීලී වීම

ඔයාගේ බළල් සුරතලා අධික ලෙස ආක්‍රමණශීලි වෙනවා නම් නියපොතූ වලින් පහර දෙනවා නම්, ටිකක් විමසිලිමත් වෙන්න. එහෙම කරන්නේ ඔවුන්ට යම් ශාරීරික අපහසුවක් තිබෙන නිසා වෙන්න පුලුවන්.

16. අධික ලෙස ශබ්දය පිටකිරීම සහ කෑ ගැසීම

බළලුන් සාමාන්‍යයෙන් කටහඬ වැඩි කිරීම කරන්නේ ආහාර සහ අවධානය ඉල්ලා සිටීමේ අරමුණින්. නමුත් ඔබේ බළලා පැය 24-36 කට වැඩි කාලයක් ඝෝෂාකාරී ලෙස වැඩි ශබ්දයක් පිටකරනවා නම්, ඉක්මනින් සොයා බැලිය යුතුයි. සමහර ස්නායු ආබාධ බළලුන්ගේ කටහඬ වැඩි කිරීමට හේතු වෙන්න පුලුවන්. ඊට අමතරව, ශ්‍රවණාබාධ හෝ පෙනීම නැතිවීමෙන් පෙළෙන බළලුන් ද වැඩිපුර හඬ පිටකිරීම සිදුකරනවා.

17. පුරුදු ප්රිය ස්ථානවල රැඳී නොසිටීම

ඔයාගේ සුරතලා ගොඩක් ආස කරන ස්ථානයක් තියෙන්න පුලුවන්. සමහර විට පොත් රාක්කයක්, පුටුවක්, කවිච්චියක් වෙන්න පුලුවන්. ඒ ස්ථානයට යාම තවදුරටත් ඔහු ප්‍රිය කරනනේ නැතිනම් ඒකට හේතුව සොයාබලන්න ඔයා උත්සහ කරන්න ඕනී. ආතරයිටීස්, නැතිනම් වෙනත් ආබාධයකින් පෙලීම මේ හැසීරීමට හේතුවක් වෙන්න පුලුවන්.

රෝගාතුර වූ බළලෙකුගේ ලකුණු පිළිබඳව දැනුවත්ව සිටීම සංකූලතා වැලැක්වීමට සහ ඔයාගේ බළල් සුරතලාගේ ජීවිතය බේරා ගැනීමට බොහෝ උපකාරී වෙනවා.. ඒ නිසා මේ වගේ රෝග ලක්ෂණ පෙන්වන වේලාවල් වලදී නොපමාව වෛද්ය ප්රතිකාර ලබාගැනීමට උත්සහ කරන්න….

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu