පූසන්ට අවතාර, හොල්මන් පේනවද?

October 23, 2023
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔයා දැකලා තියෙනවද ඔයාගේ පූසා ගේ ඇතුළේ කොහේ හරි තැනකට වෙලා හිස් බිත්තියක් දිහා බලන් ඉන්නවා? එහෙමත් නැත්නම් ඔයාගේ room එකේ හරි corridor එකේ හරි බිත්තියක් දිහා හරි කුතුහලයෙන් බලන් ඉන්නවා? අනිවාර්යෙන් ඔයාගෙ හිතේ ඇති වෙන්න ඇති මේ ප්‍රශ්නෙ. “පූ බබා මොනා හරි දකිනවද, හොල්මන් දකිනවද දන්නෙ නෑ..?” මෙය ලොව පුරා වෙසෙන පූස් සුරතල් අයිතිකරුවන්ගේ හිතට නිතරම එන ප්‍රශ්නයක්. අද අපි හදන්නෙ ඔයාලට ඒ ගැන පොඩි අදහසක් දෙන්න. The DODO pet magazine එකෙන් New York වල ඉන්න පශු වෛද්‍ය රේචල් බැරැක්ව මුණ ගැසී කරපු සාකච්ඡාවක සාරංශයක් තමයි මේ තියෙන්නෙ.

ඇත්තටම බළලුන්ට අවතාර වගේ දේවල් පේනවද?

එයට වෛද්‍යතුමා පිළිතුරු දුන්නේ,"ඔවුනගේ පෙනීම අපිට වඩා තියුණු නිසා ඔවුන්ට අවකාශයේ සිදුවන යම් යම් චලනයන් පෙනෙනෙන්නට පුළුවන්" ලෙසයි.

ඇත්තෙන්ම 2014දී සිදු කළ අධ්‍යයනයකින් හොයාගෙන තියෙන්නෙ පාරජම්බුල (UV) කිරණ වැනි අප නොදකින සමහර ආලෝක වර්ණාවලි බළලුන්ට සහ බල්ලන්ට දකින්න පුළුවන් කියලයි.

අනික තවත් දෙයක් තමා මිනිසුන්ගේ ඇස් වලට සාපෙක්ශව පූ බබාලගෙ ඇස් වල ආලෝකයට සංවේදී සෛල හය ගුණයත්, අට ගුණයත් අතර අගයකින් පිහිටා තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඉතා අඩු ආලෝක තත්වයකදී වුවත් හොඳින් නිරීක්ශණය කරන්න හැකියාවක් තියෙනවා.ඒකයි එයාලට මහ රෑට උනත් ගේ මැදින්, භාධක හරහා පවා විදුලි වේගෙන් යන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

ඒ වගේම ඔයාට සුරතල් බව්වෙකුත් ඉන්නව නම් ඔයා දැකලා ඇති එයාලත් පූස් බබාලා වගේම බිත්ති දිහා බලන් ඉන්න අවස්තාවන්. හැබැයි බව්වෝ එහෙම බලන් හිටියත් එය පූස්ලා බලන් ඉන්නවට වඩා වෙනස්. මොකද බව්වන්ටත් පූස්ලට වගේම සංවේදී අක්ෂි පද්ධතියක් තිබ්බත් පූස්ලට බවුන්ට වඩා කුතුහලය කියන එක වැඩී කියලා ඔයාල දන්නවනේ. පශු වෛද්‍ය රේචල් වැඩි දුරටත් එහෙම කියලා තියෙනවා.

ඉතින් ඔයාගේ පූ බබා බිත්ති දිහා බලන් හිටියා කියලා බය වෙන්න එපා. මොකද අපි භාවිතා කරන විද්‍යුත් උපකරණ වලින් පවා UV කිරණ පිට වෙන්න පුළුවන්. නමුත් මෙම දැකීමේ හැකියාව නිසාම සමහර වෙලාවට බළලුන්ට එය අනාරක්ෂිත තත්වයක් විදිහට හැගෙන්නත් පුළුවන්.

අපට බැරි දේවල් දැකීමට සහ ඇසීමට පූස්ලට හැකියාව තියෙනවා විතරක් නෙමේ, අපට සම්පූර්ණයෙන් නොතේරෙන ආකාරයෙන් ක්‍රියා කරන විශ්මිත මොළයකුත් ඔවුන්ට තියෙනවා. ඒ නිසා ඔයාගේ පූස් සුරතලා බිත්තිය දිහා බලන් ඉන්නවා ඉවරයක් නැත්නම් බය වෙන්නෙ නැතුව එයත් එක්ක ටිකක් friendly විදිහට හැසිරෙන්න, සෙල්ලමක් කරන්න ඔයාට පුළුවන්. එයා නිතරම බලන් ඉන්න බිත්තියට හෝ බිත්ති මුල්ලට ෆ්ලෑශ් ලයිට් එකක් focus කරන්න හෝ එම ස්ථානයට ලයිට් එකක් දාන්න ඔයාට පුළුවන්. නැත්නම් සෙල්ලමට වගේ එයාට පේන්න ඔයත් බිත්තිය නිරීක්ශණය කරන්න හරි බිත්තියට කණ තියලා මොනා හරි අහන් ඉන්නවා වගේ කරන්න පුළුවන්.

ඔන්න එතකොට නම් ඔයාගේ පූ බබා අවතාර හොයන එක නවත්තලා ළග ඉන්න ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න ඉඩ තියෙනවා. ඔයා දිහා එයා බලන් ඉද්දි ඔයාගෙන් එයාට හානියක් වෙන්නෙ නෑ කියලා හෝ එයාගේ ක්‍රියාවට භාදාවක් වෙන්නේ නෑ කියලා හැඟෙන විදිහට එයාට ලං වෙන්න පුළුවන්. ඔන්න දැන් ඔයා දිහා එයා බලන් ඉන්නේ කුතුහලයෙන් නෙමේ ආදරෙන් වෙන්න පුළුවන්. මොකද ඔයානේ එයාට ඉන්න එයාගේ ළඟම ආදරවන්තයා. එහෙනම් අළුත්ම ලිපියකින් ආයේ හම්බවෙමු. මතක ඇතුව මේ විස්තරේ ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu