ජර්මන් ශෙපර්ඩ් කියන්නෙ අනිවාරෙන්ම ඔයා මේ වෙද්දිත් හොඳින්ම දන්න බ්‍රීඩ් එකක්. නිවෙස් වල ඇති කරන සුරතලුන් විශේෂයක් වෙනව වගේම, පොලිස් සහ හමුදාමය මෙහෙයුම් වලටත් මෙයාලව හොඳින් පුහුණු කරල භාවිතා කරනව ඔයා දැකල ඇති. ඒ කියන්නේ ජර්මන් ශෙපර්ඩ් කියන්නේ බුද්ධිමත් බව් බ්‍රීඩ් එකක්. එයාලගෙ තවත් විශේෂතා ගොඩක් තියෙනවා. ජර්මන් ශෙපර්ඩ්ලට ආස කෙනෙක් නම් ඒ දේවල් ඔයා දැනගෙන ඉන්නම ඕන දේවල්.
අද අපි කතා කරන්න යන්නෙ, ඔයා ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් හදාගන්න ගන්නව නම්, ඔයාට බොහොම වැදගත් කරුණු කිහිපයක් ගැන. මේ දේවල් නොදැනගෙන නම් කිසිම වෙලාවක මෙයාලව ඔයාගෙ සුරතලා කරගන්න හිතන්නවත් එපා.
අපේ ලංකාවෙ අය සුරතල් සතුන් ඇති කරද්දි කරන ලොකුම වැරද්දක් තමයි, ඒ සතුන්ට ආහාරයට දෙන්න ඕනෙ හරිම දේවල් මොනවද කියල නොදන්න කම. ගොඩක් වෙලාවට, ගොඩ දෙනෙක් කරන්නෙ එදිනෙදා ගෙදර කන බත්, පිටි සහිත , සීනි සහිත කෑම, එහෙමත් නැතිනම් පුළුවන් තරම් මස් වර්ග දෙන්න බලන එක. ඒත් ඒක එයාලට ඔයා හිතන්නෙවත් නැති තරම් තර්ජයනයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ජර්මන් ශෙපර්ඩ් වගේ ටිකක් විශේෂ බ්‍රීඩ් වලට.
ඔයා ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් හදාගන්න ගන්නව නම් එයාට අනිවාරෙන්ම සුනඛයන් සඳහා වෙන්වූ කෑම දෙන්න ඕනෙ. අපි මේ කියන්නේ කඩේ විකුණන්න තියෙන පැකට් ආහාර ගැන විතරක්ම නෙමේ. ගෙදරදි උනත් ඔයාට මෙයාලට සරිලන හොද පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කර ගන්න පුළුවන්. අපි ඉදිරියේදි බව්වෙකුට ගෙදරදී පෝශණීය ආහාර වේලක් සකසා ගන්න හැටි ගැන වෙනම ලිපියකින් කතා කරන්නම්. හැබැයි මේ ආහාර වර්ග නම් බව්වන්ට හොද ආහාර නොවෙන බව තරයේ මතක තබා ගන්න එකට නුවනට හුරුයි.
ඔබට එළෙස නිවසේදී පිළියල කරගැනීමට අපහසු නම් ඒ සදහා මෙයාලටම විෂේශිත ලෙස නිශ්පාදනය කරන ලද ආහාර උනත් දෙන්න පුළුවන්. එහෙම නිශ්පාදනයක් මිළට ගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු කිහිපයක් තියෙනවා. අංක එකටම ඔයා ඒ නිශ්පාදනයේ ලේබලය හොඳින් පරික්ක්ෂා කරන්න ඕනෙ. ඒකෙ සඳහන් වෙනවා මේක මොන වයස් මට්ටමක සුරතලුන්ටද නිශ්පාදනය කරල තියෙන්නෙ කියල. ඊලඟට ඒ නිශ්පාදන වල ඔයාගෙ සුරතලාට අත්‍යාවශ්‍ය ඛණිජ ලවන සහ විටමින් අන්තර්ගත වෙලා තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඔයා කරන්නෙ ලොකුම අපරාදයක්.
ජර්මන් ශෙපර්ඩ් පැටවෙක් දිනකට 3 වතාවක් පමණ පෝෂණය කළ යුතුයි. මාස 12ත් 18 අතර වයස ඉක්මවූ වැඩුනු ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් දිනකට දෙවරක් පෝෂණය කිරීම ප්‍රමාණවත්. කිසිදු විටෙක එක් විශාල ආහාර වේලක් පමනක් ලබාදීමෙන් වලකින්නට අවශ්‍යයි. නමුත්, ඔබේ පශු වෛද්‍යවරයාගේ නිර්දේශ මත මේ ප්‍රමාණයන් වෙනස් වෙන්නට පුළුවන්.
මොවුන්ව ආහාර ලබාදීමේදි සැලකිලිමත් විය යුතු තවත් ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි කෑමට පෙර සහ පසු විනාඩි 30ක් පමණ ඇතුළට මොවුන්ට ක්‍රියාශීලී වීමට ඉඩ නොතැබීම. එසේ උවහොත් මොවුන්ට GDV වැනි රෝග තත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.
අපි කලින් පැහැදිලි කලා වගේම, ජර්මන් ශෙපර්ඩ් සුනඛයන් ක්‍රියාශීලිව තබාගැනීම ඉතාමත් වැදගත් කාරණයක්. ඔවුන් සමග කල හැකි විනෝද කටයුතු බොහොමයක් තියෙනවා. කළ හැකි සරලම දේ නිවසේ අය එකතු වී සිදු කරන ඕනෑම ආකාරයේ විනෝද කටයුත්ත්කට ඔවුන්ව සම්භන්ධ කර ගැනීමයි. ඒ අකාරයට තමන්ගේ වටා සිටින පවුලේ සාමාජිකයන් සමඟ විනෝද වීමට මොවුන් දැඩි ප්‍රියතාවයක් දක්වනවා.
ඊට අමතරව කෝටුවක් හෝ බෝලයක් වැනි යමක් ඈතට විසි කර එය නැවත රැගෙන ඒමට පෙළඹවීම, පිහිනීම, දිවීම, ආදී ඕනෑම කටයුත්තකට මොවුන් විශාල ප්‍රියතාවයක් දක්වනවා. වැදගත් වන්නේ කුමන හෝ ආකරයකින් මොවුන්ව ක්‍රියාශීලීව තබාගැනීමයි.
ජර්මන් ශෙපර්ඩ් කෙනෙකු බලා ගැනීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය සහ පෙනුම ගැන සැලකිලිමත් විය යුතු තවත් කරුණු ගණනාවක් තිබෙනවා. මේ ඒ අතරින් වැදගත්ම කරුණු කිහිපයක්.
දැන් ඔබට පැහැදිලි ඇති, ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකු නිසි ආකාරව රැක බලා ගැනීම එතරම්ම පහසු කටයුත්තක් නොවෙයි කියන කාරණාව. එය ඇත්ත වශයෙන්ම ඔබට වසර 7 - 10ත් අතර කාලයක් සඳහා ඔබේ පූර්ණ වගකීම පැවරෙන භාරධූර කටයුත්ටක්. ඉතින්, ඒ සඳහා අවශ්‍ය වන්නේ, ඔබේ සුරතලාව හැකි උපරිමයෙන්, හොඳින් රැකබලා ගැනීම සඳහා ඔබ සෑම අතින්ම සූදානම් කියන කාරණය ඔබ විසින්ම තහවුරු කරගැනීම පමණයි.
එනම්,
මේ කරුණු සියල්ල සම්පූර්ණ වනවා නම්, ඔබ ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයකු ඔබේ සුරතලා කර ගැනීමට මේ දැන් උනත් සුදුසුයි. ඉදිරියේදී අපි ඔබට ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකුට නිවසේදීම ආහර පළියෙල කරගැනීම ගැන සහ කඩෙන් ගන්නා පැකට් ආහාර ලබා දෙනවනම් ඒ සදහා සුදුසම පැකට් ආහර මොනවාද කියලා විස්තර තවත් ලිපියකන් අරගන එන්නම්.