හිස නැති බව්වෙ​ක් දැකලා තියෙනව​ද?

September 16, 2023
ලිපි සැක​සු​ම
Primary Item (H2)

Photos ගද්දි ඒ photos ගන්න angle එක හරිම වැදගත්. ඒ ගැන ඡායාරූපකරණයේ යෙදෙන අයනම් අනිවාර්යෙන් දන්නවා ඇති. අනිත් අයත් දන්නවා ඇති. මේ අද කියන්න යන කතාවත් ඒ වගේ වැරදි කෝණයක් සහ වැරදි වෙලාවක් එකතුව හදපු අමුතු කතාවක්. විවිධ angles විවිධ කථා පවසන බැවින් හරිම කෝණයකින් ඡායාරූප ගැනීම ඡායාරූපකරණයේ වැදගත්, අනිවාර්ය අංගයක්. වැරදි කෝණයකින් ගත්තු ෆොටෝස් නිසා පහසුවෙන් වරදවා වටහාගැනීම් ඇති වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම හිස නැති බව්වගෙ ෆොටෝ එකේ කතාවත් එයම තමයි. තාමත් තේරුණේ නැත්නම් ඉතිරි ටිකත් බලලම ඉන්නකො.

වසරකට පමණ පෙර හිස නැති බල්ලෙකුගේ ඡායාරූපයක් Imgur සහ Reddit යන social media platform දෙකෙහිම වෛරල් වෙන්න පටන් ගත්තා. සමහර විට ඔබ මෙය Facebook හෝ Youtube තුළින් හෝ දැක තිබෙන්න පුළුවන්. ඔය පින්තූරය අන්තර්ජාලය භාවිතා කරණ පුද්ගලයන් අතර ව්‍යාකූලත්වය සහ කුතුහලය ඇති කළා. සමහර මිනිසුන් මෙම හිස නොමැති සුනඛයා දැකීමෙන් කම්පනයට පවා පත්වුනා කියලා ඔවුන් comment එක් කරමින් සඳහන් කර තිබුණා. තවත් සමහරුන් හිසක් නොමැතිව බල්ලෙකුට ජීවත් විය නොහැකි නිසා මෙය Photoshop නිර්මාණයක් බව පවසන්නට උනා.

නමුත් සැබැවින්ම වෙලා තියෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් දෙයක්. එය හිස රහිත සුනඛයෙකු නොව කකුල් තුනේ බව්වෙක් හිස කැමරාවට ප්‍රතිවිරුද්ද දෙසට හරවා තම ශරීරය ලෙවකන පින්තූරයක් බවට හෙළි විය. බල්ලාගේ ඉදිරිපස දකුණු පාදය කපා දැමීමට සැත්කමක් කර තිබූ අතර, එයාගේ සිරුරේ මැහුම් තවමත් පෙනෙන්නට තිබුණි. ඒ නිසා තමයි වැරදි මිත්‍යාවක් ඇති වුණේ. තත්වය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා, අන්තර්ජාල පරිශීලකයෙකු වෙනත් කෝණයකින් බල්ලා පෙනෙන ආකාරය අන් අයට පෙන්වීමට ප්‍රයෝජනවත් චිත්‍රයක් පවා නිර්මාණය කළා. ඒ සටහන පහතින් බලන්න.

මේ අතර තවත් සමහරු “හිස නැති බව්ගෙ” ඡායාරූපයට photo editing softwear භාවිතයෙන් googly eyes එක් කොට තිබුණා.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu