බව්වන්ට පේන්නේ මොන විදිහටද කියලා දන්නවද?

May 27, 2024
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔයා කවද හරි කල්පනා කරලා තියෙනවද ඔයාගේ බලු සුරතලා එයාගේ ඇස් වලින් ලෝකය දකින්නේ කොයි විදිහටද කියලා? එහෙම නැත්නම් සුනඛයන්ට දැකිය හැකි වර්ණයන් මොනවාද කියලා? ඔයා විතරක් නෙමේ එහෙම කල්පනා කරලා තියෙන්නේ. සුනඛ වර්ණ අන්ධතාවය සහ සුනඛයන්ගේ දර්ශණ හැකියාව පිළිබඳව සෙවීමට ලෝකය පුරා විවිධ පර්යේශන රාශියක් සිදු කර තියෙනවා. ඒ විතරක් නෙමේ හරියටම නොවිසදුනු මේ ගැටළුව ගැන තවමත් පරීක්ශණ රැසක් සිදු වෙනවා. බව්වන්ගේ දර්ශණ හැකියාව ගැන හැමදේම සොයාගෙන නැති උනත් වැදගත් කරුණු කිහිපයක් ගැන සාර්තක සොයා ගැනීම් තියෙනවා.

මොකක්ද වර්ණ අන්ධතාවය කියන්නේ?

වර්ණ අන්ධතාවය යනු වර්ණ අතර වෙනස හදුනා ගැනීමට ඇති නොහැකියාව හෝ ඇතැම් වර්ණයන් දකින්නට ඇති නොහැකියාවයි. සරලවම බව්වන්ට වගේම මිනිසුන්ටත් අදාළව වර්ණ අන්ධතාවය කියන්නේ කිසිදු වර්ණයක් නොදැක කලු සහ සුදු ලෙස දකිනවා කියන එක නෙමේ. මෙම තත්ත්වය හටගන්නේ ඇසේ ඇති වර්ණ සංවේදී ප්‍රතිග්‍රාහකවල අසාමාන්‍යතාවයක් හින්දයි.

ඇසෙහි යශ්ටි සහ කේතු ලෙස හඳුන්වන විශේෂිත සෛල, ප්‍රතිග්‍රාහක සමූහයක් පවතී. මින් යශ්ටි සෛල ආලෝකයට ඉතා සංවේදී වන අතර අඩු ආලෝක තත්ත්වයන් තුළ පෙනීම සඳහා අත්යවශ්ය වේ. යශ්ටි මගින් වර්ණයන් හඳුනා නොගන්නා නමුත් ආලෝකයේ තීව්‍රතාවයේ සහ චලන වෙනස්කම් අවබෝධ කර ගැනීමට විශිෂ්ට ලෙස උපකාරී වේ. යශ්ටි මගින් අපට අඳුරු පරිසරයක දැකීමට පවා ඉඩ සලසයි. මේ අතර කේතු සෛල මගින් අපට වර්ණයන් දැකීමට හැකියාව ලබා දේ.

අපේ ඇස් පාට තුනක් දකිද්දි බව්වෝ දකින්නේ දෙකයි

මිනිස්සු වන අපිට කේතු සෛල වර්ග තුනක් පිහිටා ඇත. එමඟින් අපට ප්‍රධාන වර්ණයන් තුනක (රතු, නිල් සහ කොළ) සංයෝජනන් දැකිය හැකිය. නමුත් සුනඛහන්ට කේතු සෛල දෙකක් පමණක් පිහිටයි. ඒ කහ සහ නිල් වර්ණයන් හදුනා ගැනීමටයි. එම නිසා සුනඛ වර්ණ දර්ශණය dichromatic (ද්වි-වර්ණ) දර්ශණයක් ලෙස හදුන්වයි.

මිනිසුන්ට වර්ණ අන්ධතා වර්ග දෙකක් ඇත. ඒ රතු-කොළ වර්ණ අන්ධතාවය සහ නිල්-කහ වර්ණ අන්ධතාවයයි. පුද්ගලයෙකුට ඇති වර්ණ අන්ධතාවයේ වර්ගය තීරණය වන්නේ කුමන වර්ණ සංවේදී ප්‍රතිග්‍රාහකවලට බලපෑම් සිදුව ඇතිද යන කාරණය මතයි. නිල්-කොළ වර්ණ අන්ධතාවය ඇති පුද්ගලයෙකුට නිල් සහ කොළ වර්ණ අතර වෙනස හදුනාගැනීමට නොහැකිය.

සුනඛයන්ට වර්ණ දැකිය හැකිද, නොහැකිද?

කහ සහ නිල් දැකිය හැකි ද්වි-වර්ණ පෙනීමක් ඇති සුනඛයන් රතු-කොළ වර්ණ අන්ධතාවය ඇති මනුශ්‍යයෙකුගේ පෙනීමට බොහෝ දුරට සමානත්වයක් දක්වයි. කහ සහ නිල් (ඒ වගේම සුදු සහ අළු) අතර වෙනස හදුනා ගැනීමට සුනඛයන් ඉතා දක්ශයි. නමුත් අපේ බව් යාළුවන්ට රතු සහ කොළ වර්ණයන් කහ සහ නිල් තරම් දැකිය නොහැකියි. සංවේදී තාවය අඩුයි.

සුනඛයන්ට දැකිය හැකි පාට මොනවාද?

විවිද අධ්‍යනයන්ට අනුව සුනඛයන් රතු සහ කොළ වර්ණ අන්ධතාවය ඇති මිනිසුන්ට සමාන බව පිළිගනු ලබනවා. සමහර අධ්‍යයනයන් සුනඛ ඇස්වල ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විමර්ශනය කර එහි ඇති කේතු, යශ්ටි වර්ග හඳුනාගෙන ඇති අතර ඒවා ආලෝකයේ විවිධ තරංග ආයාමවලට ප්‍රතික්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කර ඇත. ඊට අමතරව සුනඛ මිතුරන්ගේ වර්ණ දර්ශනය පරීක්ශා කිරීමට විද්‍යාඥයන් චර්යාත්මක රටාවන්ද අධ්‍යයනයන් කර ඇත.

වර්ණ සඳහා ඉඟි කිරීමට හුරු කරවීම මඟින් වර්ණ සංවේදීතාවය අධ්‍යනය

විද්‍යාඥයන් විසින් බව්වන් ආස කරන සමහරක් සුනඛ ආහාර ලබා දී නිශ්චිත වර්ණ හඳුනා ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට සුනඛයන්ට උගන්වයි. එමඟින් ඔවුන් බව්වන් සංවේදී වර්ණ පිළිබන්දව අධ්‍යනය කර ඇත. නිදසුනක් විදිහට, බල්ලෙකු නිල් පැහැති බෝලයක් දුටු විට එයට ඉඟි කිරීම මඟින් එයාට සංග්‍රහයක් ලබා ගත හැකි බව ඉගෙන ගනීයි. මෙම සංග්‍රහ ත්‍යාග භාවිතා කිරීමෙන්, බල්ලන්ට දැකිය හැකි සහ වෙන්කර හඳුනාගත හැකි වර්ණ මොනවාදැයි විද්‍යාඥයින්ට හඳුනාගත හැකිය.

වර්ණවත් වස්තු සඳහා දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීම මඟින් වර්ණ සංවේදීතාවය අධ්‍යනය

විවිධ වර්ණවලින් යුත් චලනය වන වස්තූන් වලට බව්වන් ප්‍රතිචාර දක්වන ආකාරය විද්‍යාඥයන් නිරීක්ෂණය කරයි. මෙම වස්තූන් වලට ප්‍රතිචාර වශයෙන් සුනඛයාගේ ඇස්, හිස සහ ශරීරය චලනය වන ආකාරය විද්‍යාඥයන් බලා සිටියි. නිදසුනක් විදිහට, බල්ලෙක් රතු පැහැති බෝලයක් තම ඇස්වලින් හඹා යන්නේ නම් හෝ කහ පැහැති බෝලයක් පොලොව මතුපිට ඇදී යන විට හිස හරවා බලන්නේ නම්, ඔවුන් ඒවා දකිනු ඇත. මෙය විද්‍යාඥයින්ට ඔවුන්ගේ පරිසරයේ ඇති වර්ණ දැකීමට සහ නිරීක්ෂණය කිරීමට සුනඛයන්ට ඇති හැකියාව වටහා ගැනීමට භාවිතා කරයි.

පර්යේෂනවලින් පෙනී යන්නේ බල්ලන් මිනිසුන්ට වඩා වෙනස් ලෙස වර්ණ දකින බවයි. අපි දකින සම්පූර්ණ වර්ණ පරාසය වෙනුවට සුනඛයන් ප්‍රධාන වශයෙන් කහ සහ නිල් දකිනවා. උදාහරණයක් විදිහට බල්ලන් නිල්, නිල්-කොළ සහ දම් පැහැය දෙස බලන විට ඔවුන් නිල් පැහැයේම විවිධ අනු වර්ණයන් (color shades) දකී. අනෙක් අතට, රතු සහ කොළ වැනි වර්ණ ඔවුන්ට දුඹුරු හෝ අළු වර්ණ මෙන් පෙනේ. ඉතින්, සුනඛයන්ට සමහර වර්ණ දැකිය හැකි වුවද, ඔවුන්ගේ ලෝකය බොහෝ දුරට කහ, නිල් සහ දීප්තිය සහ වර්ණවත් බව අඩු දුඹුරු හෝ අළු වර්ණවලින් යුක්ත වේ.

Related Article: නොදැනුවත්කම නිසා ඔබේ බලු සුරතලාගේ ආයු කාලය ඔබ විසින්ම කෙටි කරනවද?

සුනඛ පෙනීම සහ මිනිස් පෙනීම ස​ංසංදනය කළොත්

බල්ලන් ලෝකය දකින්නේ අපට වඩා ටිකක් වෙනස් විදිහකටයි. ඔවුන්ගේ පෙනීම අපේ තරම් තියුණු නොවන අතර ආලෝකයේ තීව්‍රතා වෙනස හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකිය. ඒ හින්දා ඔවුන්ට ලෝකය පෙනෙන්නේ තීව්‍රතාවය අඩු සහ නොපැහැදිලි ලෙසයි.

ඒව්වා කොහොම උනත් පෙනීම සම්බන්ධයෙන් සුනඛයින්ට යම් වාසිදායක තත්වයන්ද ඇත. ඔවුන් චලනයන් දැකීමට ඇත්තෙන්ම දක්ෂයි, එය ඉක්මනින් දේවල් දැකීමට ඔවුන්ට උපකාරී වේ. අලුයම හෝ සන්ධ්‍යාව වැනි අඩු ආලෝක තත්වයක්දී වගේම අපට දැකීමට අපහසු අවස්දතා වලද ඔවුන්ට අපට වඩා හොඳින් දැකිය හැකිය.

ඔවුන්ටම ආවේණික පෙනීමට අමතරව, සුනඛයන්ට පුදුමාකාර සුවඳ දැනීමේ (ඉව) හැකියාවක් ඇත. ඔවුන්ගේ නාසය අපට වඩා 1,000 සිට 10,000 ගුණයක සංවේදීවයකින් යුක්තයි! මෙම පුදුමාකාර සුවඳ දැනීම හැකියාවෙන් ඔවුන්ට අපට කළ නොහැකි ආකාරවලින් ලෝකය තේරුම් ගැනීමට සහ ගවේෂණය කිරීමට හැකිව තිබේ. ඔවුන්ගේ සුවඳ දැනීමේ හැකියාව ඉතා ශක්තිමත් නිසා පෙනීම අපගේ තරම් තියුණු නොවීම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ලිපිය සඳහා මූලාශ්‍රයන්

What Colors Can Dogs See? - petmd.com

Neitz J, Geist T, Jacobs GH. Color vision in the dog. Visual Neuroscience

Siniscalchi M, d’Ingeo S, Fornelli S, Quaranta A. Are dogs red–green colour blind? Royal Society Open Science

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 5 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu