ඔයාගේ හා හුරතලා දුකින්ද? සතුටින්ද? කොහොමද දැනගන්​නේ

September 1, 2023
ලිපි සැක​සු​ම
Primary Item (H2)

හාවෝ කියන්නෙත් බල්ලෝ, පූසෝ වගේම හුරතලේට ඇති කරන්න පුලුවන් සතුන් විශේෂයක්. හැබැයි හාවෝ ඇතිකරන හරිම විදිහ දන්නේ නැතුව, හාවන්ගේ මනෝභාවයන් හරියටම අඳුර ගන්නේ නැතිව හාවෝ ඇතිකරන්න බෑ. ඇත්තටම හරිම සංවේදි සතුන් කොටසක් තමයි හාවෝ කියන්නේ. ඔවුන්ට තනිකම සහ පීඩනය දරාගන්න හරිම අපහසුයි. ඉතින් අහිංසක වගේම ඉතාමත් හුරතල් හාවන්ව ඔයාගේ ප්‍රියතම සුරතලා බවට පත්කරගන්නේ කොහොමද? අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එයා සතුටින්ද , දුකින්ද ඉන්නේ කියල තේරුම් ගන්න අද මේ වීඩීයෝ එක ඔයාට උදව් වෙයි.

01. ඔවුන් හරිම සැහැල්ලුවෙන් ඉන්න සුරතලුන් කොටසක්

සාමාන්‍යයෙන් හාවෝ කියල කියන්නේ ඉක්මනින් ගොදුරු බවට පත්වන සත්ව වර්ගයක්. මෙයින් අදහස් කරන්නේ ඔවුන් ඉතා පහසුවෙන් ආතතියට හා බියට පත් වෙන්න පුලුවන් කියන එක. ඔයාගේ හාවා සැහැල්ලුවෙන් ඉන්නවා නම්, හුරුපුරුදු විදිහට සංචරණය කරනවා නම් ඔහු ඉන්නේ ඉතා සතුටින්.

ඔයාගේ හුරතල් හාවා බිම වැතිරිල විවේකීව ඉන්නවා නම්, ඔහු ආතතියට පත් වෙලා නෑ. එකවරම බිමෙන් ඉවතට පැන අහසට පැන ක්‍රියාකාරීව සෙල්ලම් කරනවා නම් ඔවුන් සැහැල්ලුවෙන් හා සතුටින් සිටින බව අපිට හිතන්න පුළුවන්.

සතුටින් සිටින හාවන් විවේකිව සිටීමට ප්‍රියකරනවා. ඔවුන් බොහෝවිට සන්සුන් හා නිහඬ හැසිරීමක් පෙන්වනවා. නමුත් ඔවුන් කලාතුරකින් ඉතාමත් ඝෝෂාකාරී හැසීරීම් රටාවක් පෙන්වනවා නම්, හාවුන් රැකබලා ගන්නන් විදිහට අපි බොහෝම පරීක්‍ෂාකාරී වෙන්න ඕනි. ඔවුන් කලබලයි නම් එයින් අදහස් කරන්නේ හාවා ආතතියට හෝ බියට පත් වෙලා කියල. සාමාන්‍යයෙන් හාවන් විවිධ ශබ්ද නගමින් කෑ ගසනවා නම් ඔවුන් අසතුටින් සිටින බවට නිගමනය කරන්න පුලුවන්.

02. හාවෝ නිතරම කුතුහලයෙන් ඉන්​නේ

හාවන් ස්වභාවයෙන්ම ඉතා සන්සුන් හා සැහැල්ලු සතුන් විදිහට පෙනුනත් ඔවුන් ඉතාමත් කුතුහලයෙන් සිටින සත්ත්ව කොටසක්. හාවුන් වටපිට බලමින් විවිධ රූප දෙස, පරිසරය දිහා බලන් ඉන්න විශාල කැමත්තක් දක්වනවා. හාවෙක් කුතුහලයෙන් ඉන්නවා කියල කියන්නේ එම සත්ත්වයා ඉතාමත් නිරෝගී, සහ සතුටින් ඉන්නවා කියන එකයි.

ඔයාගේ හාවා වට පිට නොබලා, තමන් සිටින ප්‍රදේශය පරීක්ෂා කරන්නේ නැතිනම් නම්, එයින් අදහස් වන්නේ සුරතලා ආතතියෙන් මෙන්ම රෝගාතුරව ඉන්නවා කියලයි.

03. හාවන්ට හොද ආහර රුචියක් තියෙන​වා

මිනිස්සු වගේම තමයි, හාවොත්. හාවෝ නීරෝගීව ඉන්නවා නම් ආහාර ගැනීමට ඉතාම කැමත්තක් දක්වනවා. ඔයාගේ හාවාට හොඳ ආහාර රුචියක් තියෙනවා නම්, ඔහු සතුටින් සිටින බවට හොඳ සලකුණක්.

හැබැයි ඔයාගේ හාවා ආහාර ගැනීම නවත්වලා හෝ අඩු කරලා නම්, ඒ ගැන නම් බොභෝම විමසිලිමත් වෙන්න ඕනි. කෑම ප්‍රතික්ෂේප කරනවා නම් එයින් අදහස් වෙන්නේ ඔයාගේ සුරතලා බයට හෝ අසනීප තත්වයකට පත් වෙලා කියලයි. ඔයාගේ හුරතලාගේ ආහාර ගැනීම හදිසියේම අඩු උනොත්, වහාම පශු වෛද්‍යවරයෙකු වෙත ඔහුව රැගෙන යන්න. එවන් අවස්තාවල ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්.

04. ඔවුන් සංසු​න්, හැබැයි හරිම ක්‍රියාශීලි​යි

අපි ඉස්සෙල්ලා කිව්ව වගේ, සතුටින් ඉන්න හාවන් සන්සුන් විවේකි ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔයාගේ සුරතලා ශබ්ද නොකර සන්සුන්ව සිටීම වැදගත් වගේම තමයි, ක්‍රියාශීලී බවත් ඉතාමත් වැදගත්. ප්‍රීතිමත් සහ සෞඛ්‍ය සම්පන්න හාවන් නිතරම දුවපැන ඇවිදිමින් නිදහසේ කාලය ගත කරන්න දැඩි ආශාවක් දක්වනවා. හැබැයි ඔයාගේ හාවා ක්‍රියාශීලි නොවන අවස්ථා වලදී ටිකක් විමසිලි මත් වෙන්න ඕනී.

05. උදාසීන ගතිය සහ නිදිමත

අසතුටුදායක හා සෞඛ්‍ය සම්පන්න නොවන හාවෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට උදාසීනත්වය සහ නිදිමත ගතිය පෙන්වන්න පුළුවන්. ඔයාගේ හාවාගේ ක්‍රියාකාරකම් මට්ටම හදිසියේම පහත වැටිල නම්, වෙනදා වගේ දුවපැන ඇවිදින්නේ නැතිනම්, ඔයා ඔයාගේ හාවා ඉක්මනින්ම පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතුයි. ආහාර රුචිය නැති වීම මෙන්ම, ක්‍රියාකාරකම් අඩුවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක්. ඒකේ තේරුම නම් ඔයාගේ හාවා මොකක්මහරි පීඩාවකින් ඉන්න බවයි.

ඔයාගේ හාවා සතුටු වන බවට පෙන්වන තවත් වැදගත් ලක්ෂණයක් තමයි ඔවුන් පිටකරන කරන ශබ්දය. හාවුන් සතුටින් සිටින විටදි පුරු පුරු ශබ්දයේ සිට සිට ගොරවන හඬ දක්වා ශබ්ද මාලාවක් නිකුත් කරනවා.

ඝෝෂා කිරීම, හුරතල් කිරීම සහ සුසුම්ලෑම යන සියල්ල සතුටුදායක ශබ්ද විදිහට දක්වන්න පුලුවන්. හාවන් සෑහීමකට පත්වන සෑම අවස්ථාවකදීම සහ සතුටින් ඉන්න සෑම විටම පාහේ ඝෝෂා කරනවා. හාවා ආහාර ගන්න විට දී හා නිදාගෙන ඉන්න විට දී බොහෝ විට මෙම ශබ්ද ඇසෙනවා. හාවා විවේක ගන්න අවස්ථාවලදී පවා මේ සුසුම්ලෑම් ඔයාට ඇහෙන්න පුලුවන්. බළලෙකු මෙන්, හාවුන් සතුටින් සිටින සෑම අවස්ථාවකම පුරු පුරු ශබ්ද නිකුත් කරනවා.

හාවුන්ට ප්‍රීති ඝෝෂා තියෙනවා වගේම තමයි දුකට පත් උන අවස්ථා වලදී ද නිකුත් කරන ඝෝෂාත් තියෙනවා. කෙඳිරිගෑම, ඝෝෂා කිරීම, දත්මිටි කෑම, කෑගැසීම සහ පාද පොලොවේ ගැසී​ම අසතුටුදායක හාවන් පෙන්වන ලක්ෂණ විදිහට දක්වන්න පුලුවන්. දත්මිටි කෑම පුරු පුරු ගෑමක් කියල වරදවා වටහාගන්න ඉඩ තියෙන නිසා හාවා නිකුත් කරන ශබ්ද දෙස බොහෝම විමිසිලිමත් ලෙස බලන්න ඕනි.

සමහර වෙලාවල් වලදී සතුටට හෝ දුකට සම්බන්ධ නැති වෙනත් ඝෝෂාවන් හාවන්ට නිකුත් කරනවා. උදාහරණයක් විදිහට, පිරිමි සතෙකුට සංසර්ගයේ යෙදීමට අවශ්‍ය වූ විට ඔහු ශබ්ද නැඟිමක් සිදු කරන්න පුලුවන්. ඔවුන් අසනීප වූ විටද කිවිසුම් යාම, හෝ කැස්ස ද ඇති වෙන්න පුලුවන්. අසනීප වී ඇති බවට පෙන්වන සංඥා සෞඛ්‍යයට අහිතකර වෙන අතර ඒ වගේ අවස්ථා වලදී වහාම ප්‍රතිකාර ලබා දීමට වග බලා ගන්න ඕනේ.

ඔබේ සුරතල් හාවා සතුටු කිරීමට යොදා ගත හැකි ක්‍රියාමාර්ග

අපි කලින් කතා කල අසතුටින් ඉන්න ලක්ෂණ ඔයාගේ හුරතල් හාවා පෙන්වනවා නම්, ඔයාට පුලුවන් වෙන්න ඕනේ ඔයාගේ හාවාව සතුටට පත් කරන්න. ඉතාමත් සංවේදි සත්ත්ව කොට්ටාශයක් නිසා වෙනත් සුරතලුන්ගේ අවධානයට ලක් නොවන හැසිරීම් පවා හාවා සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කල යුතු වෙනවා. ඔයාගේ හුරතල් හාවා අසතුටින් ඉන්නවා නම් ඔයාට පුලුවන් පහත ක්‍රම අනුගමනය කරල එයාව සතුටු කරන්න.

01. ඔහුට මිතුරෙක් ලබා දෙන්න (ඔව් ඔව් තව හාවෙ​ක්)

සාමාන්‍යයෙන් හාවන් කියල කියන්නේ ඉතා සමාජශීලී, මිත්‍රශීලී සතුන් කොට්ටඨාශයක්. ඔවුන් බොහෝ විට කණ්ඩායම් වශයෙන් හැසීරීමට නැඹුරු වෙනවා. මේ කාරණය නිසා, හාවෙකු ඇති දැඩි කිරීමට කැමැත්තක් දක්වනවා නම් හාවන් ජෝඩු ලෙස මිලදී ගන්න. එවිට ඔවුන්ට තනිකමක් නොදැනේවී.

02. හාවන්ට සෙල්ලම් කරන්න ලොකු ඉඩක් ඕනේ

ඔයාගේ හාවා සතුටින් තැබීමට ඔබ කළ යුතු තවත් වදගත් දෙයක් නම් සෙල්ලම් කිරීමට විශාල ඉඩක් ලබා දීමයි. හාවාට සෙල්ලම් කරන්න, කකුල් දිගහැර සංචරණය කරන්න, නිදහසේ වැතිර සිටින්න විශාල ඉඩකඩක් වෙන් කරන්න. හොද ආරක්ශාකරී ඉඩක් ඔවුනට තිබුනොත් ඔබේ හාවොත් ඉතාමත් සතුටට පත් වේවී.

03. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නම් අත්‍යවශ්‍යයි

හාවෝ සතුටින් තියන්න අත්‍යාවශ්‍ය තවත් දෙයක් තමා සෞඛ්‍ය සම්පන්න ආහාර. ඔබත් අනිවාර්යයෙන්ම ඔබගේ හාවොන්ට හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දුන්නොත් ඔවුන් නිසැකවම සතුටු වෙයි. හාවුන්ට නැවුම් පිදුරු, නැවුම් එළවළු ලබා දෙන්න උත්සහ කරන්න. සෑම විටම පාහේ පිරිසිදු ජලය පානයට අවස්ථාව සලසා දෙන්න.

04. ඔයාගේ හා බබාලවත් නිතර සුරතල් කරන්​න

හාවුන් නිතරම හුරතල් වෙන්න කැමති සතුන් කොටසක්. නමුත් රළුව ඔවුන්ව ස්පර්ෂ කරනවාට ඔවුන් කැමති නෑ. ඔබ ඔවුන්ව රළු ලෙස ස්පර්ෂ කරොත් ඔවුන් ආතතියට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඔයාගේ හාවා ආතතියට පත් නොවන බව සහතික කිරීම සඳහා, ඔහු සමග මෘදු ව කටයුතු කරන්න, විවේකිව සතුටින් සිටින අවස්ථාවල දි පමණක් මෘදුව ස්පර්ෂ කරන්න. හුරතල් කරන්න.

ඉතින් අද මේ වීඩීයෝ එක බැලුව ඔයාලා හාවෝ දැනටමත් ඇති කරන අය වෙන්න ඇති, එහෙමත් නැතිනම් හාවන් ඇතිකරන්න ආසාවෙන් ඉන්න අය වෙන්න ඇති. කවුරු නමුත් අද අපි දැනගත්තු කරුණු ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. හාවෝ කියන්නේ ඉතාමත් සංවේදි සතුන් බව හොදට මතක තියාගෙන ආදරයෙන්, කරුණාවෙන් බලාගන්න. එහෙනම් තවත් හරවත් රසවත් ලිපියකින් නැවත හමු වෙමු.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu