පූස​න් පෙන්වන පෞරුෂ ගතිලක්ෂණ 5ක් මෙන්​න

August 25, 2023
ලිපි සැක​සු​ම
Primary Item (H2)

ඔයාල හිතන්නේ පෞර්ෂත්ව ගති ලක්ෂණ තියෙන්නේ මිනිසුන්ට විතරක් කියලද? නැහැ සතුන්ටත් විවිධාකරයේ පෞර්ෂත්ව ලක්ෂණ තියෙනවා. අපේ ජීවීතේ අපි ආශ්‍රය කරන හැම පුද්ගලයෙක්ම එක වගේ නෑ වගේම තමා. සුරතල් සතුන් උනත් එකවගේ ගති ලක්ෂණ පෙන්නන්නේ නෑ. ඔයා සුරතල් සතුන් ඇතිකරන කෙනෙක් නම් මේ ලක්ෂණ පැහැදිලිව ඔයාට නිරීක්ෂණය කරන්න පුලුවන්. මෙහෙම හිතමුකෝ ඔයා හුරතලේට ඇති කරන්නේ බල්ලෝ කියල. එහෙමත් නැත්තන් පූසෝ කියල. එහෙනම් දැනටමත් ඔයා පූසෝ හරි බල්ලෝ  හරි දෙන්නෙක් තුන්දෙනෙක් විතර ඇතිකරල ඇති. ඒ ඇතිකරපු හැම බල්ලෙක්ම, හැම පූසෙක්ම එකම වගේ සමාන ගති ලක්ෂණ පෙන්නුවේ නැහැ නේද? සමහර සත්තු ටිකක් ආක්‍රමණශීලී වෙන්න ඇති, සමහර සත්තු හරිම ආදරණීය හුරතල් සත්තු වෙන්න ඇති, සමහර සත්තු ඇඟේ දැවටී දැවටී ඉන්න කැමති ඇති, සමහර සත්තු අතගානවටවත් අකමැති වෙන්න ඇති. ඉතින් එක එක සත්තුන්ට එක එක පෞර්ෂත්ව ගති ලක්ෂණ තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ බළලුන් නැත්නම් පූසෝ  පෙන්නන ප්‍රධාන පෞර්ෂත්ව ගති ලක්ෂණ පහක් ගැන. එහෙනම් දැන් අපි බලමු ඔයාගේ බළල්  සුරතලා පෙන්නුම් කරන පෞර්ෂත්ව ගති ලක්ෂණ මොනවද කියල.

එංගලන්තයේ ලින්කන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලෝරන් ෆින්කා විසින් බළලුන්ගේ විවිධ පෞරුෂ ගති ලක්ෂණ ගැන කරපු  ගැඹුරු පරීක්ෂණයකින් අනතුරුව බළල් පෞර්ෂත්ව ගති ලක්ෂණ ගැන බොහෝ වැදගත් තොරතුරු අණාවරණය කරගෙන තිබෙනවා.

ආචාර්ය ෆින්කා බළල් හිමිකරුවන් 200ක් සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡා මගින් සොයාගත් තොරතු​රු පාදක කරගෙ​න අවසානයේ පහත සඳහන් පෞරුෂත්ව වර්ග පහ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. 

Human Cat (මිනිස් බළලා)

මේ විශේෂය තමයි මිනිසුන්ට ගොඩක්ම හිතවත් බළල් විශේෂය. මේ පූසෝ මිනිසුන් සමඟින් තමන්ගේ අවකාශය බෙදාගන්න හරිම කැමතියි. ආදරණීය භාවයට සහ නිතරම ඇඟේ දැවටී දැවටී ඉන්න මේ සත්තු හරිම කැමතියි. මොවුන් ආක්‍රමණශීලී සතුන් නෙමේ. ඔවුන් ඉතාමත් සතුටින් සිටින සතුන් කියල හැඳින්වූවොත් හරියටම හරි. මොවුන් පීඩාවට පත්වීමට ඉතාමත් අකමැතියි. දුකින් සීටීමට අකමැතියි. වෙන පූසෙකු හුරතල් කරනවටනම් මේ human cat පෞර්ෂත්ව තියෙන පූසන් දැඩි අකමැත්තක් දක්වනවා. ඒ වගේ අවස්ථාවලදී දුකට පත්වනවා. මුලු ගැන්වී ශෝකාකකූල භාවයක් පෙන්වනවා.

 Cantankerous Cat (කැන්ටන්කරස් බළලා)

Cantankerous Cat එහෙමත් නැතිනම් කැන්ටන්කරස් බළලා. මේ බළල් විශේෂය human cat විශේශයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ යි. මේ පෞර්ෂත්ව ගති ලක්ෂණ පෙන්වන පූසන් ආදරණීය සහ හුරුබුහුටි සත්වයන් නෙමේ. මොවුන් ස්වාධීනව සීටීමට බොහෝ සේ ප්‍රිය කරනවා. Human catsලා නිතරම මිනිස් ඇසුර ප්‍රිය කරන අතර Cantankerous catලා එහෙම නෙවෙයි. ඔවුන්ට මිනිස් ඇසුර එතරම් වැදගත් වන්නේ නැහැ. තනිව සිටීමට ඉතා කැමතියි. මේ සතුන් ඉතාමත් නොසන්සුන් සතුන් වෙනවා.. හරිම කලබල කාරී ගති ලක්ෂණ පෙන්නුම් කරනවා.

 Hunter Cat (හන්ටර් කැට්)

මේ බළල් විශේෂය නමේ සැබෑ අරුතින්ම දඩයම්කාරී සත්වයන්. හුරතල්, සිනිඳු, හුරුබුහුටි ගති ලක්ෂණ මොවුන්ට නැහැ. මොවුන්ගේ දවසින් වැඩි කාලයක් ගත කරන්නේ දඩයම් කරන්න. නිතරම මීයන්, ලේනුන් , කැරපොත්තන් , හූනන් වැනි සතුන් මරා කෑමට දැඩි ප්‍රියතාවයක් දක්වන්වා. තමන්ට කෑම දෙනකන් මේ පූසන් බලා ඉන්නේ නෑ. තමන්ගේ කෑම තමන්ම කෑම සොයාගන්න උත්සහ කරනවා. කැළෑ බළලුන් බොහෝමයකට පාහේ තියෙන්නේ hunter cat පෞර්ෂත්ව ගති ලක්ෂණ.

Cat’s Cat - බළලුන්ට ප්‍රිය බළලා

මේ පෞර්ෂත්ව ගති ලක්ෂණ දරන බළලුන් වෙනත් බළලුන්ට සෙනෙහස දක්වන අතර, ඔවුන් තම කාලයෙන් වැඩි කොටසක් වෙන් කරන්නේ බළලුන් සමඟ හුරතල් වන්නට, සහ සෙල්ලම් කිරීමටයි. මේ බළල් විශේෂයට කවදාවත්ම තනියම නම් ඉන්න බැහැ. ඔවුන් නිතරම තවත් බළලෙකු සමග සිටින්න ආශාවක් දක්වනවා. තනියම සිටියහොත් මානසික අවපීඩනයට පවා ලක්වීමට තියෙන ප්‍රවණතාවයක් තියෙනවා.

Inquisitive Cat (විමසිලිමත් බළලා)

මේ බළල් විශේෂය ගවේෂණයට ඉතාමත් ප්‍රිය කරනවා. දවසේ වැඩි කාලයක් ගෙවත්තේ ඇවිදිමින්, කුමක් හෝ අලුත් දෙයක් සොයාගැනීමට උත්සහ කරනවා. ගෙදරට ආගන්තුකයෙක් පැමිණිය හොත් ඉතාමත් ආදරයෙන් පිළිගෙන අවධානය ඉල්ලමින් දැවෙටමින් කාලය ගත කරනවා. ඔවුන් සෑමවිටම සෙල්ලම් බඩු සහ පෙට්ටි වල දඟලමින් සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා.

දකුණු ඕස්ට්‍රේලියන්  විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව බළලුන්ගේ පෞර්ෂත්ව ලක්ෂණ පහතාකාරයටත් වර්ග කරන්නත් පුලුවන්. මේවා තනි ගති ලක්ෂණ විදිහට ඉදිරිපත් කරන්න පුලුවන්.

කම්මැලිකම පෙන්වන බළලුන්

මේ බළලුන් ඉතාමත් කම්මැලි ලක්ෂණ පෙන්වනවා. තැන තැන වැටී නිදන්නට, ගුලි වී සිටින්නට, නිතරම නිදිමතින් සිටින්නට මේ බළලුන් දක්වන්නේ පුදුමාකාර ආසාවක්.

නිතරම පිටතට යාමට උත්සහ දරන බළලුන්

මේ බළලුන් තමා ජීවත් වෙන නිවසේ සිටීමට ප්‍රිය කරන්නේ නැහැ. නිතරම වෙනත් නිවෙස් වලට යාමට වෙනත් බළලුන් සමග තැන තැන ඇවිදින්න යන්න කැමැත්තක් දක්වනවා.

ආධිපත්‍යය පතුරවන බළලුන්

ඔයාල බලල තියෙනවද cats and dogs කියන kids movie එක. ඒකේ ඉන්න බළලුන් බල්ලන් සමගින් රණ්ඩුවට යන්න  සහ ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කර ගන්න සෑහෙන උත්සහයක් දරනවා දැකල තියෙනවද? ඔවුන් තමා ප්‍රමුඛ සහ මූලිකයා  බවට පිළිගන්නට සහ ඒත්තු ගන්වන්නට ඔවුන් ඉතාමත් කැමතියි. 

ආවේගශීලී බළලුන්

මේ පෞර්ෂත්ව ලක්ෂණ පෙන්වන බළලුන් ඉතාම ආවේගශීලීයි. ඔවුන් නිතරම අනෙකුත් බළලුන් සමග රණ්ඩුවට යාමට උත්සහ කරනවා.

සුහදශීලී බළලුන්

පළමුවෙන්ම  සඳහන් කල බළල් පෞර්ෂත්ව ලක්ෂණ වලට අදාල වන Human Cat බළලුන් මේ සුහදශීලී බළලුන් ලෙස හදුන්වන්න පුලුවන්. මිනිසුන් සමඟ ළඟින් ඇසුරු කරන්නට, හුරතල් වන්න, දැවටෙන්න ආශා කරනවා.

ඉතින් අද අපි කතා කලේ බළල් සුරතලුන්ගේ පෞර්ෂත්ව ගති ලක්ෂණ ගැන. දැනටමත්  බළල් සුරතලෙක් ඉන්නවනම්, නැතිනම් සුරතල් බළල් පැටවෙක් ඇති කරන්න අදහසක් තියෙනවනම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති. එහෙනම් තවත් රසවත්, හරවත් ලිපියකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා!

මේ වගේ සුරතල් සත්තු ගැන විද්‍යාත්මකව තහවුරු කරගත් වඩාත් නිවැරදිම හා විශ්වාසදායකම තොරතුරු දැනගන්න වගේම අපේ නවතම ලිපි ඔබගේ email inbox එකට ගෙන්න ගන්න පහලින් අප හා register වෙන්න. ඒ වගේම ඔයාලට ඇති වෙලා තියෙන ගැටළු සහ අත්දැකීම් පහළ comment section එකේ සදහන් කරන්න.

යාළුවොත් එක්ක මේ article එ​ක share කරගන්​න
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
crossmenu